Commercial Land for Sale at Kegalle - Kegalle

Commercial Land for Sale at Kegalle - Kegalle

Location

Kegalle - Kegalle

Price

Rs. 100,000,000

Contact

P.KUMARASINGHE

Phone

0718782115

Address

ෙකාළඹ නුවර මාර්ගය මාදෙයියාව පටුමග කෑගල්ල

Land area

Acres : 0 / Perches : 65

Features

  • Electricity

  • Pipe Bourne Water

  • Well Water

Ad Date:

2019-07-05

Views:

448

Description

 ව්‍යාපාරිකයිනි,මෙන්න ඔබට අනගි අවස්ථාවක්.
සංචාරක හෝටලයක් ඉදිකිරීමට සුදුසු ඉඩමක්.
‌ෙකාළඹ නුවර මාර්ගයේ කෑගල්ල නගරසීමාවට අයත් මාදෙයියාව අතුරු පාරෙහි පිහිටි මෙම ඉඩම පර්චස් 65කින් යුතු බිම් කොටසකි.මෙම ඉඩම ‌ෙකාළඹ නුවර මාර්ගයට මීටර 200ක් නුදුරින් පිහිටා ඇත.පිරිසිදු නිරවුල් ඔප්පු සහිතය.කෑගල්ල නගරයේ සිට ඉඩමට දුර කිලෝමීටර්1කි. පෞද්ගලික වාහනයකින් යන්නේ නම්,ඉඩ‌‌ෙම් සිට කෑගල්ල නගරයට විනාඩි 5කින් යා හැක.ඉඩමේ සිට කොළඹට දුර සැතපුම් 46 යි පැය 1කින් යා හැක.නුවරට දුර සැතපුම් 23යි විනාඩි 30කින් යා හැක.පින්නවල අලි අනාතාගාරයට දුර සැතපුම් 7 යි විනාඩි 10කින් යා හැක.තෙකලා විදුලිය,නලජලය,උල්පත් ජලය,අඩි 10කින් යුතු කොන්ක්‍රීට් පාර ආදී සියලූම සැපපහසුකම් වලින් යුතු සෝදා පාලුවට ලක් නොවන නිස්කලංක බිම් කොටසකි.නාගරික වුවත් වාහන තදබදයකින් තොර ස්වභාව සෞන්දර්යයෙන් අනූන පරිසරයකින් යුතු ඉඩමකි.නුවර දේශගුණයට සමානය.සිසිල් පරිසරයකින් යුක්තය.
ඉඩ‌ෙම් සිට සැතපුම් 1ක් දුරින් ප්‍රධාන පෙලේ රජයේ පාසල් 6 සහ
ජාත්‍යන්තර පාසල් 2 ද උසස් අධ්‍යාපන ආයතන 6ක්ද පිහිටා ඇත.ඒවා නම්,
• කෑගලු විද්‍යාලය
• කෑගලු බාලිකා විද්‍යාලය
• ශාන්ත මරියා විද්‍යාලය
• ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලය
• ස්වර්ණජයන්ති මහා විද්‍යාලය
• පින්නවල මධ්‍ය මහා විද්‍යාලය

• රෝයල් ජාත්‍යන්තර පාසල
• සසෙක්ස් ජාත්‍යන්තර පාසල

• ශ්‍රී ලංකාවේ විවෘත විශ්ව විද්‍යාලය - අධ්‍යයන මධ්‍යස්ථානය
• උසස් තාක්ෂණ ආයතනය
• ජාතික ආධුනික හා කාර්මික පුහුණු අධිකාරිය.
• කාර්මික විද්‍යාලය
• ඊ සොෆ්ට් මෙට්රො කැම්පස්
• සනාසා කැම්පස්

ඉඩ‌ෙම් සිට කිලෝමීටර1ක් දුරින් සියලූම පොදු හා ප්‍රසිද්ධ ස්ථාන පිහිටා ඇත. ඒවායින් කිහිපයන් පහත වේ
කෑගල්ල ශික්ෂණ රෝහල, ඔස්රෝ පෞද්ගලික රෝහල, සියලුම බැංකු, පොලිසිය, මහජන පුස්ථකාලය, පොළ, නගර සභාව, පොදු වෙළෙද සංකීර්ණය, සියලු ආගමික ස්ථාන, පොදු ක්‍රීඩාංගනය, පොදු සුසාන භුමිය, ආදාහනාගාරය, සතොස, කාකීල්ස් ෆුඩ්සිටි, කීල්ස්, ‌ෙක්එෆ්සී, මැග්ඩොල්, පීසා හට්, ඇගලුම් කම්හල, සුපිරිපෙලේ හෝටල්, ජල තටාක, සුපිරි සිනමාහල්, සුපිරි පෙලේ ඇදුම් සාප්පු ආදිය........

කෑගල්ල,සබරගමුව පලාතට අයත් වන අතර ලංකාවේ විශාලතම නගරය වේ.පින්නවල අලි අනාතාගාරයට ආසන්නතම නගරය කෑගල්ල නිසා වටිනාකමින් ඉහලය.ආගන්තුක සත්කාර වලින් යුතු සුවපහසු දිස්ත්‍රික්කයක් වන අතර රටේ ලාබදායී සංචාරක ආකර්ෂණය වඩවන ස්ථාන බොහොමයකින් කෑගල්ල සමන්විතය.
• ලොව විශාලතම අලි අභිජනන මධ්‍යස්ථානය පින්නවල
• පින්නවල අපේ ගම ආකෘති ගම්මානය
• ශ්‍රී ලංකාවේ පළමු එළිමහන් සත්ත්ව උද්‍යානය පින්නවල
• උතුවං කන්දේ අපේ ගම ආකෘති ගම්මානය
• බෝ ඇල්ල
• අසුපිනි ඇල්ල
• ඕලු ඇල්ල
• මීයන් ඇල්ල
• අලගම ඇල්ල ආදිය...................

ක්‍රි.පු 89 දී, වළගම්බා රජු ද්‍රවිඩ ආක්‍රමණ පරාජය කිරීමේ අරමුණින් සේනා සංවිධානය කරමින් රට පුරා යන අතරමගදී ලස්සන ගල්තලාවක නැවතී දිවා ආහාර ගෙන බුලත් විටකුත් කෑවේය.ඉන්පසු නැවතත් ගමන යන අතරතුර තව වරක් විටක් කෑමට උවමනා වී රත්තරං ගිරය සොයන විට එය කෑ ගල උඩ අමතක වූ බව මතක් විය.පසුව කෑගල ක්‍රමික විකශනයේ ප්‍රතිඵලයක් ලෙස කෑගල්ල වූ බව ජනප්‍රවාදයේ ඇත.
තේ,පොල්,රබර් ප්‍රධාන අපනයන බෝග වන අතර කෝපි,ගම්මිරිස්,කොකෝවා,සාදික්කා,කුරැදු,කරාබු ආදී සුලු අපනයන බෝග ද්විත්ව බෝග ලෙස ආර්ථිකය ශක්තිමත් කරයි.ලො‌ව ප්‍රධාන ‌ෙගාවි ජන සමාජයක් වන කෑගල්‌ෙලහි ආර්ථිකය ශක්තිමත් කරවන ප්‍රධාන සම්පත් සපයන්නා වැසි ජලය වේ.
ඛනිජ යනු කෑගල්ල දිස්ත්‍රික්කයේ තවත් ලාභදායක පරිත්‍යාගශීලියෙකි. බෝගල ග්‍රැෆයිට් යනු කෑගල්ල දිස්ත්‍රික්කයේ වඩාත් කැපී පෙනෙන පතලකි. එය ශ්‍රී ලංකාවේ සමස්ත ඛනිජ අපනයනයෙන් අඩක් සලකුණු කරයි.
 සංචාරක ව්‍යාපාර සංකල්පය මූලික‌ කොට ගෙන සංචාරක හෝටලයක් ඉදිකරගැනීමට ඔබට මෙම භූමිය ධන නිදානයකි.
මුදල් හදිස්සියක් නිසා ඉක්මනින් විකුණනු ලබන අතර ධනපතියනි, මේ මහගු අවස්ථාව ඔබව තව තවත් ධනවත් කරාවි.වටිනාකම දස කෝටියකි.

මේ අනගි අවස්ථාව මග නොහැර දැන්ම අමතන්න(0718782115)
ඔබට මෙම ඉඩම නැරඹීමට අවශ්‍යනම් සේවාදායකයෙකු සපයා දිය හැකිය.

Report a problem

Buy Commercial Land in Kegalle District | Buy Commercial Land in Kegalle Kegalle